මත්ද්‍රව්‍ය භාවිත කරමින් මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ රියැදුරන් අට දෙනෙකු රත්නපුර නගරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒකාබද්ධව රත්නපුර නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ පරීක්ෂාවන් සිදු කර තිබුණි. එහිදී මගී බස් රථ 96ක් දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඉන් බස් රථ අටක රියැදුරන් මෙලෙස මත්ද්‍රව්‍ය ලබාගෙන සිටි බවට තහවුරු වීමත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියැදුරන් සතු වූ බස් රථ ද රත්නපුර පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකාර රියැදුරන් හෙට (16) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















