අමෙරිකාව සහ ඉරානය අතර එළඹී සාම ගිවිසුමට අනුව ආරක්ෂක කලාපයන් හි සිටින තම හමුදා ඉවත් කර ගැනීමට එකඟ විය නොහැකි බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් ප්‍රකාශ කර තිබේ.
පාකිස්ථානයේ මැදිහත් වීමෙන් එළඹී ඇති මෙම නව ගිවිසුමට අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල ක්‍රියාත්මක හමුදා මෙහෙයුම් අවසන් කිරීමටයි දෙපාර්ශවය අතර එකඟත්වය පළ වී ඇත්තේ. මෙම ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම සාම ගිවිසුම පිළිබඳ නිවේදනය කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් සියයට 5කින් පමණ පහළ ගොස් ඇත. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82.95ක් දක්වා අඩු වී ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 80.34ක් ලෙසයි.















