“නඩු තියෙන දවස්වලට උසාවි එන්න” යැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතාගෙන් කඩිනම් ප්‍රතිචාරයක් ලැබී තිබේ.
තමන්ට එරෙහිව පවතින නඩු කටයුතු පිළිබඳව සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ “මම ඒ සේරම පොතේ ලියාගෙන ඉන්නේ අමතක වුනොත් කියලා” යනුවෙනි.
එමෙන්ම, අදාළ නඩු දිනයන්හිදී තමන් උසාවි පැමිණෙන බව පවසන රාජපක්ෂ මහතා, එදිනට එම නඩු විභාගයන් දෙස බලා සිටීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම පැමිණෙන්නැයි ද උපහාසාත්මක ස්වරූපයෙන් අභියෝග කර ඇත.
















