අමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි දේශපාලන නොසන්සුන්තාවයට තීරණාත්මක විසඳුමක් ලබා දෙමින් නව අවබෝධතා ගිවිසුමකට දෙරටේ ඉහළම නායකයින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඓතිහාසික එකඟතාවය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් යන මහත්වරුන් විසින් අත්සන් තබා ඇත. ගිවිසුමේ මූලික ප්‍රතිපාදනවලට අනුව, උපායමාර්ගිකව අතිශය වැදගත් වෙළඳ කලාපයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කිරීමටත්, ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමටත් පියවර ගැනේ.
මෙම සුවිශේෂී ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත අතර, දෙපාර්ශවය අතර පවතින සෙසු ගැටලුවලට අදාළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙම සතියේ අගභාගයේදී ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇත. මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදකාමී වාතාවරණය සමනය කිරීම සඳහා මෙම එකඟතාවය තීරණාත්මක සහ ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.
















