කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (15) දිනය තුළ 3.43%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය දිනය තුළ ඒකක 743.22කින් ඉහළ ගොස්, දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 22,380.65ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය ද පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.19%ක ඉහළ යාමක් පෙන්වමින් ඒකක 192.48ක වර්ධනයක් අත්පත් කරගෙන ඇත. ඒ අනුව දිනය අවසානයේදී S&P SL20 දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,219.53ක් ලෙසිනි.
කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අද දිනය පුරා සිදුවූ සමස්ත ගනුදෙනු පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 4ක් ලෙස වාර්තා වී තිබේ.
















