වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 450ක් (බෝතල් 600ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම 2026 ජුනි 15 වන දින උදෑසන මීගමුව පොලිස් වසමේ පොඩිවී අඹු ප්‍රදේශයේදී සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 59 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී මත්පැන් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















