ශ්‍රී ලංකා A සහ ඉන්දීය A කණ්ඩායම් අතර ඊයේ පැවැති තරගය අතරතුර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන්, ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩක විශේන් හැළඹගේට එරෙහිව සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන සහ අපහාසාත්මක අදහස් පළවෙමින් පවතී. තරගය තුළ සිදුවූ යම් සිදුවීමක් මුල් කරගනිමින් ඉන්දීය ක්‍රිකට් රසිකයින් පිරිසක් විශේන්ගේ නිල Instagram ගිණුම වෙත විවේචනාත්මක අදහස් ගලා එන අයුරු දැකගත හැකි විය.මෙම අනිසි පීඩනය හමුවේ ක්‍රීඩකයා මුලින්ම තම සමාජ මාධ්‍ය ගිණුම ‘Private’ කිරීමට පියවර ගත් අතර, පසුව මේ වන විට ඔහු සමාජ මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට (Deactivate) තීරණය කර ඇති බව වාර්තා වේ.ක්‍රිකට් යනු ‘මහත්මා ක්‍රීඩාවක්’ ලෙස සැලකුණද, තරග පිටියේ සිදුවන දේ පිටිය තුළම අවසන් විය යුතු බව ක්‍රීඩා විචාරකයින් සහ රසිකයින් පෙන්වා දෙයි. තරුණ ක්‍රීඩකයෙකුගේ මානසික මට්ටමට බලපෑම් ඇතිවන අයුරින් මෙවැනි අන්තර්ජාල ප්‍රහාර එල්ල කිරීම ක්‍රීඩාවේ පවතින උසස් ගුණයට හානිකර බව බොහෝ දෙනාගේ අදහසයි.විශේන් හැළඹගේ වැනි දක්ෂ තරුණ ක්‍රීඩකයෙකුට ඉදිරියේදී තම කුසලතාවන් විදහා දක්වමින් පිටිය තුළම පිළිතුරු ලබා දීමට තවත් බොහෝ අවස්ථාවන් උදා වනු ඇත. කෙසේ වෙතත්, ක්‍රීඩකයින් ඉලක්ක කරගනිමින් මෙවැනි අසභ්‍ය සහ විවේචනාත්මක කමෙන්ට් යොමු කිරීම පිළිබඳව සෙසු ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
















