පොලිස්පතිතුමාගේ විශේෂ උපදෙස් මත, ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක අපරාධ මර්දන මෙහෙයුම් මේ වන විට ඉතා සාර්ථක ලෙස සිදුවෙමින් පවතී. දිවයිනේ සෑම පොලිස් කොට්ඨාශයක්ම සහ ප්‍රාදේශීය පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙම මෙහෙයුම්වල අරමුණ සමාජයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරමින් නීතිය උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමයි. 2026 ජූනි 15 වන දින දක්වා මෙම වැටලීම් මගින් පුද්ගලයින් 28,356ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් පුද්ගලයින් 593ක් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 22ක්, දින වරෙන්තුකරුවන් 275ක් සහ විවෘත වරෙන්තුකරුවන් 133ක් ද මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත. රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බීමත් රියදුරන් 67ක්, අපරීක්ෂාකාරී රියදුරන් 120ක් සහ වෙනත් රථවාහන වැරදි 4,700ක් ද වාර්තා වී ඇත. මෙම මෙහෙයුම් මගින් බරපතළ අපරාධ ක්‍රියාවන් පාලනය කිරීමට පොලිසිය විශාල දායකත්වයක් ලබා දෙන අතර, ඉදිරියටත් මෙවැනි වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
















