සමාජ මාධ්‍ය ඔස්සේ සියදිවි නසාගැනීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ එම අන්තර්ගතයන් බෙදා හැරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තික වෛද්‍ය චාතූර්යා මහත්මිය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙවැනි අන්තර්ගතයන් සමාජගත කිරීමෙන් අතිශය හානිකර සහ අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව ඇය පෙන්වා දෙයි.
සියදිවි නසාගැනීම් සම්බන්ධ වීඩියෝ සහ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීමෙන් ඒවා අනුකරණය කිරීමට පෙළඹෙන පුද්ගලයින් කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවත්, එම නිසා මහජනතාව සහ මාධ්‍ය ආයතන ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.
COVID-19 වසංගත සමයේදී ධනාත්මක මහජන හැසිරීම් සහ නිවැරදි දැනුවත්භාවය සමාජගත කිරීමේදී මාධ්‍ය විසින් ඉටු කළ සක්‍රීය කාර්යභාරය සිහිපත් කළ වෛද්‍යවරිය, මෙවැනි සංවේදී අවස්ථාවන්වලදී ද මාධ්‍ය වෙතින් එවැනි වගකීම් සහගත මෙහෙවරක් අපේක්ෂා කරන බව සඳහන් කළාය.
















