මෙරට පාසල් නේවාසිකාගාර 126ක පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,008ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
දැනට පවතින මෙම නේවාසිකාගාරවල ගොඩනැගිලි පැරණි තත්ත්වයේ පැවතීම සහ නඩත්තු කටයුතු අවම වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ සෞඛ්‍ය තත්ත්වයට සෘණාත්මක බලපෑම් එල්ල වන බව හඳුනාගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා එම නේවාසිකාගාරවල භෞතික, සනීපාරක්ෂක, සෞඛ්‍ය සහ ආරක්ෂක පහසුකම් නවීකරණය කර සිසුන් සඳහා ගුණාත්මක පරිසරයක් සකස් කිරීම අපේක්ෂිතයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව අනුව, අදාළ සංවර්ධන කටයුතු 2026 සිට 2028 දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක වනු ඇත.
















