දඹුල්ලේදී පැවැති තරගයකින් පසු ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩක විශේන් හැළඹගේ අතර හටගත් නොසන්සුන්කාරී සිදුවීම මේ වන විට ක්‍රිකට් ලෝලීන් අතර උණුසුම් මාතෘකාවක් වී තිබේ.
තරගය අවසානයේ විශේන් හැළඹගේ විසින් සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් වෛභව් සූර්යවංශි ආවේගශීලීව ක්‍රියා කිරීම සහ ඔහු වෙත අත ඔසවන්නට යාම, ක්‍රීඩා ලෝලීන් අතර බරපතල ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ. බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ, “මෙම හැසිරීම මගින් ඔහු අභියෝග කළේ විශේන් හැළඹගේට පමණක්ද, නැතිනම් සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටමද?” යන කාරණයයි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියකදී තමන්ට එල්ල වන ඕනෑම ප්‍රකෝප කිරීමක් හමුවේ වුවද, ක්‍රීඩකයෙකු තම විනය සහ පෞරුෂය ආරක්ෂා කර ගැනීම අනිවාර්ය වේ. 15 හැවිරිදි තරුණ ක්‍රීඩකයෙකු වශයෙන් වෛභව් සූර්යවංශි මෙවැනි අසංයමයකින් හැසිරීම, ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ‘මහත්මා ගතියට’ කළ නින්දාවක් බවට බොහෝ දෙනා මත පළ කරති.එමෙන්ම, විශේන් හැළඹගේගේ එම ක්‍රියාව ද ක්‍රීඩා විනයට අනුකූල නොවන්නක් වුවත්, ප්‍රතිචාරයක් ලෙස වෛභව් විසින් පෙන්වූ එම ආක්‍රමණශීලී බව, ඕනෑම රටක ක්‍රීඩකයෙකු විසින් අනෙක් රටක ක්‍රීඩකයෙකුට සහ සත්කාරක රටක ක්‍රීඩාවට පෙන්විය යුතු අවම ගෞරවය පිළිබඳවද ප්‍රශ්න මතු කරයි.
තරගයක් යනු දිනුම් පැරදුම් මධ්‍යයේ කෙළවර වන්නක් වුවත්, මෙවැනි ක්‍රියාකලාපයන් හරහා පළුදු වන්නේ ක්‍රීඩාවට ඇති ගෞරවයයි. සූර්යවංශිගේ මෙම අත එසවීම, අනාගතයේ ඔහුට ලැබිය හැකි දැඩි විනය ක්‍රියාමාර්ගයක මූලාරම්භයක් විය හැකිද?
















