නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ, හක්ගල උද්භිත උද්‍යානය අසලදී අද (16) සිදුවූ රිය අනතුරකින් වාහන හතරකට දැඩි අලාභහානි සිදුව තිබේ.
නුවරඑළියේ සිට වැලිමඩ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. එම ලොරි රථය තමන්ට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ජීප් රථයක්, මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක එක පෙළට ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව පොලිසිය පවසයි.
අනතුරින් වාහන හතරටම බරපතළ හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















