ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
ජල කප්පාදුව ක්‍රියාත්මක වන කාලසීමාව:
හෙට (17) බදාදා පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා (පැය 13ක කාලයක්).
මෙම කාලසීමාව තුළ ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කනගාටුව පළ කරන අතර, අවශ්‍ය ජල ප්‍රමාණය කල්තියා ගබඩා කර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
















