දඹුල්ලේදී පැවැති තරගයකින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එරෙහිව ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි අත ඔසවමින් පෙන්වූ ආක්‍රමණශීලී හැසිරීම, මේ වන විට ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ. මෙය හුදෙක් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකට වඩා, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය සහ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇත.තරගයක් අවසානයේ ප්‍රතිවාදී කණ්ඩායමක ක්‍රීඩකයෙකු මෙවැනි අසංයමයකින් හැසිරීම සහ ශාරීරික බලපෑම් කිරීමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තුළ අනුමත කළ නොහැකි කරුණකි. ඉන්දීය මාධ්‍ය මගින් මෙම සිදුවීම ඔවුන්ගේ ක්‍රීඩකයා ආරක්ෂා වන පරිදි වාර්තා කිරීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ පිළිබඳව දක්වන මන්දගාමී ප්‍රතිචාරය බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.ඕනෑම ජාත්‍යන්තර තරගාවලියකදී, සත්කාරක රටක ක්‍රීඩකයින්ට එල්ල වන මෙවැනි අගෞරවනීය හැසිරීම් හමුවේ නිහඬව සිටීම, අපේ ක්‍රීඩාවේ අභිමානය බාල්දු කිරීමක් ලෙස බහුතරයක් දකී.මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ස්ථාවරයක් ප්‍රකාශ නොකළේ ඇයි? අපේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම සඳහා ගත යුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳව බලධාරීන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ICC නීති රීති කෙලින්ම බලනොපෑවත්, එවැනි තරුණ ක්‍රීඩකයින්ගේ අනාගත හැසිරීම් පාලනය කිරීම සඳහා බලධාරීන් මට්ටමින් ගත හැකි පියවර නොගන්නේ ඇයි?ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට මෙවැනි අභියෝග එල්ල වන විට, ඒ වෙනුවෙන් පෙනී සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමකි. ක්‍රිකට් යනු හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොව, රටේ කීර්ති නාමය රඳා පවතින වේදිකාවකි. එම වේදිකාව මත අපේ ක්‍රීඩකයින්ට සිදුවන අසාධාරණයන් සහ අගෞරවයන් හමුවේ බලධාරීන් නිහඬව සිටීම, අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත නැවතත් වීමට මග පාදනු ඇත.
















