මහනුවර ජාතික රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවය.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සැලසුම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මහනුවර ජාතික රෝහලට ස්ථිර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇති බවත්, මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නතර වී තිබූ සංවර්ධන ව්‍යාපෘති රජයේ මුදල් ප්‍රතිපාදන යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්ය. රෝගීන් සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත අතිනවීන ‘කැත්ලැබ්’ (Cath Lab) ඒකකයක් කඩිනමින් රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ.එමෙන්ම වත්මන් රජයේ නව සංකල්පයක් ලෙස දිවයින පුරා ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ දහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර, එය වසර තුනක් තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය. රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර සහ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.
















