ජුනි මාසයේ මුල් දින 14 තුළදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 54,465ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජුනි මාසයේ පැමිණීම් වාර්තාව (ජුනි 01 – 14)
ඉන්දියාව: 21,839 (සමස්ත පැමිණීම්වලින් 42%)
එක්සත් රාජධානිය: 4,160
චීනය: 3,503
ඔස්ට්‍රේලියාව: 3,105
මේ අතර, 2026 වසරේ ආරම්භයේ සිට ජුනි 14 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,076,487ක් ලෙස වාර්තා වේ. එම කාලසීමාව තුළ ඉහළම දායකත්වයක් ලබාදුන් රටවල් වන්නේ
ඉන්දියාව: 272,099
එක්සත් රාජධානිය: 102,253
රුසියාව: 76,686
සංචාරක කර්මාන්තයේ මෙම වර්ධනය මෙරට ආර්ථික ස්ථාවරත්වයට සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට විශාල රුකුලක් වී ඇති බව සංචාරක අංශ නිරීක්ෂණය කරයි.
















