කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතු වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට රැගෙන යාම සඳහා “කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩා අනු කමිටුව” පත් කර ගැනීම අද (16) දින සිදු වී තිබේ.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද සහභාගී විය. 2026 වසර සඳහා අමාත්‍යාංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
ග්‍රාමීය ක්‍රීඩාව නංවාලීම: ග්‍රාමීය පාසල්වල ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීම සහ ග්‍රාමීය මට්ටමින් දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ඔසවා තැබීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට තීරණය කෙරිණි.ඉදිරියේදී ඇති විය හැකි ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති අරපිරිමැස්ම පිළිබඳව රජය ගත යුතු පියවර සහ මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.මෙම අනු කමිටුව හරහා ඉදිරි සංවර්ධන කටයුතු වඩාත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
















