ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අම්බලන්ගොඩ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව රුපියල් ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර සිසුවා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. සිසුවාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සමන් කොල්ලා නැමැත්තා සමග කළ සංවාද සහ ඔහු ලබාදුන් උපදෙස් පරිදි ඊෂි කෑෂ් (e-cash) ක්‍රමයට මත්ද්‍රව්‍ය පැකට් සැඟවූ ස්ථාන සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත. ලද නිර්නාමික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරු අද (16) දහවල් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















