ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් ‘Southern Mist Corridor’ නමින් විශේෂ සංචාරක කලාපයක් ඇති කිරීමට යෝජනා වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති ජනාධිපති කාර්යසාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ දකුණු සහ සබරගමුව පළාත් ඒකාබද්ධ කරමින් සිංහරාජය, කන්නැලිය-දෙදියගල-නාකියාදෙනිය වනාන්තර සංකීර්ණය සහ හිනිදුම කඳු වැටිය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපය සංවර්ධනය කිරීමට නියමිතය. කලාපය තුළ සිදුවන අවිධිමත් හෝටල් ඉදිකිරීම් සහ පරිසර දූෂණය පාලනය කරමින්, ස්වභාවිකත්වය ආරක්ෂා වන පරිදි නියාමන රාමුවක් සකස් කිරීම මෙහි අරමුණයි. එමෙන්ම, තේ වගාව ආශ්‍රිත සංචාරක කර්මාන්තය (Tea Tourism) සහ පාරිසරික පාදක සංචාරක කටයුතු (Eco-tourism) ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා අතර, ඒ සඳහා ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටද තීරණය කර ඇත.මීට අමතරව, සමුද්‍රීය සංචාරක කොරිඩෝවක්, සිනමා සංචාරක කර්මාන්තය (Film Tourism) ප්‍රවර්ධනය කිරීම, කොග්ගල ගුවන් තොටුපළ ආශ්‍රිතව Skydiving හඳුන්වා දීම සහ තල්මසුන්/ඩොල්ෆින් නැරඹීමේ ක්ෂේත්‍රය ක්‍රමවත් කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි.
















