ඇමරිකානු එක්සත් ජනපදය සහ විශේෂයෙන්ම තමාගේ මැදිහත් වීමක් නොසිටින්නට අද වන විට ඊශ්‍රායලය නමැති රාජ්‍යය මෙලොව පැවැත්මෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී යාමට ඉඩ තිබූ බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ. ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් ඉටුකළ භූමිකාව ඇගයීමට ලක් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
“ඇමරිකානු එක්සත් ජනපදය සහ මම නොසිටින්නට, මේ වන විට ඊශ්‍රායලය කියා රටක් පවතින්නේ නැහැ. ඊශ්‍රායලය මේ පොළෝ තලයෙන්ම පිසදා හැරීමට ඉඩ තිබුණා,” යනුවෙන් ට්‍රම්ප් මෙහිදී සෘජුවම අවධාරණය කළේය.
මැදපෙරදිග පවතින දැඩි යුදමය සහ දේශපාලන අර්බුද හමුවේ ඊශ්‍රායලයට උපරිම රාජ්‍ය තාන්ත්‍රික සහ මිලිටරි සහාය ලබා දුන්නේ තමාගේ පාලන කාලය තුළ බව පෙන්වා දීමට ට්‍රම්ප් මෙහිදී උත්සාහ කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, ජී-7 (G-7) සමුළුව අතරතුර ඊශ්‍රායල මිලිටරි උපක්‍රම විවේචනය කරමින් ඔහු සිදුකළ අනෙකුත් ප්‍රකාශයන් මධ්‍යයේ, මෙම ස්වයං-ප්රශංසාත්මක ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්රය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















