ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ නව සාම එකඟතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කරමින්, “දෙවියන් වහන්සේට ස්තූති වේවා!” යැයි කතෝලික සභාවේ උත්කෘෂ්ට නායක 14 වැනි ලියෝ පාප්වහන්සේ (Pope Leo XIV) ප්‍රකාශ කර තිබේ. මෙම සාම එකඟතාව තුළ තවදුරටත් විසඳාගත යුතු කරුණු කිහිපයක් ඉතිරිව පවතින නමුත්, නැවත වරක් විනාශකාරී යුද්ධයකට අවතීර්ණ වීමට වඩා ගැටලු නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡා මාර්ගය (Dialogue) තෝරාගැනීම සැමවිටම උසස් බව උන්වහන්සේ අවධාරණය කළහ.
මෙම සාමකාමී ප්‍රතිපත්තිය හේතුවෙන්, ඉරානය සමඟ යුද්ධයකට එළැඹීමට එරෙහි වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසිද්ධ දෝෂදර්ශනයට සහ ප්‍රහාරයන්ට පවා මෙම ඇමරිකානු ජාතික පාප්වහන්සේ මෑතකදී ලක් විය.
කෙසේ වුවත්, ලෝකයේ සෙසු දේශපාලන නායකයන් මෙන්ම, වත්මන් පාප්වහන්සේ ද මෙම නව සාම එකඟතාවන් ඉදිරියටත් ස්ථාවරව පවතිනු ඇත්ද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බව වතිකානු වාර්තා සනාථ කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















