නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් අසූ තුන් ලක්ෂ දස දහසක් (රු. 8,310,000) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ව්‍යාපාරිකයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් ඊයේ (16) දහවල් 11.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
සිද්ධියට අදාළ තොරතුරු පහත පරිදි වේ.
ගුවන් මගීන් විසින් ගමන් මලු 05ක් තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 55,400ක් අඩංගු කාටූන් 277ක් සඟවාගෙන පැමිණ තිබේ. ඔවුන් එම භාණ්ඩ ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට උත්සාහ කර ඇත. සැකකරුවන් චීන ජාතික ව්‍යාපාරිකයන් පිරිසකි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
















