නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද විශාල පාරිභෝගික භාණ්ඩ තොගයක් සමඟ යාත්‍රා දෙකක් (2) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ පෙරේදා (15) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගෙන තිබේ.
වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික විජය ආයතනය විසින් සිදුකළ මෙම මෙහෙයුමේදී, වෙරළට ගොඩබා තිබූ යාත්‍රා දෙකක තිබූ සැකකටයුතු පාර්සල් 30ක් නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක් කරන ලදී.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර පහත දෑ ඇතුළත් වේ:
සබන් කැට 8,100ක් පමණ.
ෂැම්පු පැකට් 8,640ක තොගයක්.
නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ මෙම පාරිභෝගික භාණ්ඩ තොගය සහ අදාළ යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
















