කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයකට අනුව, ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල රළු මුහුදු තත්ත්වයන් සහ තද සුළං අපේක්ෂා කළ හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි අතර, මෙම තත්ත්වය බහුදින ධීවර යාත්‍රාවලට දැඩි අවදානමක් ගෙන දිය හැකිය. ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ අතිශය රළු වීමේ හැකියාවක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවයි. එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ධීවර සහ නාවික කටයුතුවල නිරත වන්නන් මුහුදු යාමේදී විශේෂයෙන් සුපරීක්ෂාකාරී විය යුතු අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන මීළඟ නිවේදන සම්බන්ධයෙන් ද නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.
















