ඉරානය සතුව න්‍යෂ්ටික ආයුධ නොමැති තාක් කල් ඔවුන්ට මිසයිල පවත්වාගෙන යාමේ කිසිදු වරදක් නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානයට එකදු මිසයිලයක් හෝ තබා ගැනීමට ඉඩ නොදිය යුතු බවට තමන් වටා සිටින පිරිස් පවසන නමුත් තමන් එම මතය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, සෞදි අරාබියට මිසයිල තිබිය හැකි නම් ඉරානයට මිසයිල තබා ගත නොහැකියි යන ස්ථාවරයේ සිට කටයුතු කළ නොහැකි බවයි. ජාත්‍යන්තර දේශපාලනය සහ ආරක්ෂක උපක්‍රම එලෙස ක්‍රියාත්මක නොවන බව පෙන්වා දුන් ඔහු, සැබෑ ගැටලුව පවතින්නේ මිසයිල සම්බන්ධයෙන් නොවන බව ද සඳහන් කළේය.
මිසයිල මඟින් යම් නිශ්චිත කුඩා ප්‍රදේශයකට පමණක් හානි සිදු කළ හැකි වුවද, න්‍යෂ්ටික අවි මෙන් මුළු පෘථිවියම විනාශ කිරීමේ හැකියාවක් මිසයිල සතු නොවන බව පවසමින් ට්‍රම්ප් ඉරානයේ මිසයිල බලය සම්බන්ධයෙන් වඩාත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ප්‍රසිද්ධියේම ඉඟි කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















