සමඟි වනිතා බලවේගයේ ප්‍රථම බලමණ්ඩල මහා සභාව ඉකුත් 14 වැනිදා ආණමඩුව ආසනයේදී ඉතා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. සමඟි ජන බලවේගයට අනුබද්ධිත කාන්තා සංවිධානය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ආසන බලමණ්ඩලය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා සමඟි වනිතා බලවේගයේ සභාපතිනි රෝහිණී කවිරත්න, ලේකම් චමින්ද්‍රානී කිරිඇල්ල, භාණ්ඩාගාරික රසිකා ගමගේ සහ නියෝජ්‍ය ජාතික සංවිධායිකා ප්‍රසාදිනී කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන සංවිධායකවරුන් රැසක් එක්ව සිටියහ.
මීට අමතරව ආණමඩුව ආසනය නියෝජනය කරමින් සමඟි වනිතා බලවේගයේ ප්‍රාදේශීය නියෝජිතවරියන් ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් මෙම ප්‍රථම බලමණ්ඩල මහා සභාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි.
















