වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අද (18) දිනයේ සිට පහත හෙළීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.
මෙම මිල සංශෝධනය සම්බන්ධ කරුණු පහත දැක්වේ.
ලංකා සතොස මගින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදුකර ඇත.
දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයන්ට අද දින සිට මෙම සහන මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී.
සමීපතම සතොස අලෙවිසැල වෙත පිවිසීමෙන් පාරිභෝගිකයන්ට අඩු කළ මිල ගණන් යටතේ භාණ්ඩ ලබා ගත හැකි අතර, වෙළෙඳපොළ තුළ පවතින උද්ධමනකාරී තත්ත්වයන් හමුවේ ජනතාවට සහනයක් ලබා දීම මෙහි අරමුණයි.
මිල අඩු කරන ලද භාණ්ඩ සහ නව මිල ගණන් පිළිබඳ විස්තර තම ප්‍රදේශයේ පිහිටි සතොස අලෙවිසැලෙන් හෝ ලංකා සතොස නිල වෙබ් අඩවියෙන් පාරිභෝගිකයන්ට තවදුරටත් තහවුරු කරගත හැක.
















