පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (18) දින අභියාචනාචිකරණයේදී කැඳවීමට නියමිතය.
මෙම පෙත්සම ඊයේ (17) දිනයේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීමට නියම කර තිබුණි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු තීව්‍ර වී ඇති පසුබිමක, මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන නියෝගය කෙරෙහි සමස්ත රටේම අවධානය යොමුව තිබේ. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥ කණ්ඩායම් විසින් මූලික අයිතිවාසිකම් සහ නීතිමය කරුණු පදනම් කරගනිමින් මෙම පෙත්සම ගොනු කර ඇත.
















