ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත, කැලණි පාලම ආසන්නයේ තිබී ඊයේ (17) උදෑසන නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මේ වන තෙක් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත. මියගිය පුද්ගලයා අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන්නෙකු බවත්, අඩි 05 අඟල් 05 ක් පමණ උසැති අයෙකු බවත් වාර්තා වේ. මරණකරු අඟලක් පමණ දිගට වැවූ කොණ්ඩයකින් යුක්ත වන අතර, සිද්ධිය වන අවස්ථාවේ ඔහු උඩුකය නිරුවත්ව නිල් පැහැති බොටම් කලිසමක් හැඳ සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
















