අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහනවල රියදුරන් මෙන්ම මගීන් ද අනිවාර්යයෙන්ම ආරක්ෂිත ආසන පටි පැළඳිය යුතු බවට පනවා ඇති නීතිය හෙට (ජූනි 19) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය මාස තුනක සහන කාලයක් ලබා දී තිබූ අතර, එම සහන කාලය හෙටින් අවසන් වේ. ඒ වෙනුවෙන් රියදුරන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද ඊයේ (17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
හෙට දිනයේ සිට මෙම නීතිය කඩකරන ඕනෑම රියදුරෙකුට හෝ මගියෙකුට එරෙහිව රුපියල් 1,000ක දඩ මුදලක් අය කෙරෙනු ඇත. අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ඔබගේ සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නීතියට ගරු කරමින් ආසන පටි පැළඳීමට වගබලා ගන්නා ලෙස බලධාරීන් අවධාරණය කරයි.
















