යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ, පූනෑව – කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී අද (18) සිදුවූ දරුණු රිය අනතුරකින් පාසල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහනුවර සිට වවුනියාව දෙසට ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි ගුරුවරිය බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව මැදවච්චිය සහ පූනෑව පොලිසිය තහවුරු කරයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
















