අඟුරුවාතොට, බටගොඩ ගල්පාත ‘මවුපිය සෙවණ’ සෙනහසේ කැදැල්ලේ පසුගිය 03 වනදා ඇති වූ බිහිසුණු ගින්නෙන් පසුව, එම ආයතනයේ සතුට පිරවූ අමාලි නම් තරුණිය ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෙනහසේ කැදැල්ලේ නිතරම සිනහවෙන් සිටි අමාලිගේ වියෝව පිළිබඳ පුවත සමාජ මාධ්‍ය පුරා දැඩි සංවේගයක් මතු කර තිබේ. ඇය සමඟ ඉතා සමීපව සිටි සුනීතා නම් තරුණියගේ අභාවයෙන් පසුව, එම බැඳීමට මෙලොවදී තිත තබමින් අමාලි ද මෙසේ මෙලොවින් සමුගෙන ගොස් ඇත.
ඇයගේ වියෝව දරාගත නොහැකිව ඇගේ සොහොයුරෙකු සමාජ මාධ්‍යයේ තබා තිබූ සටහන බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක් කළේය.
“මගේ හුරතල් කෙල්ල මගේ පණ, ඇයි ඔයා මාව දාලා ගියේ මේ තරම් දුකක් දීලා? සුනීතා ගාවට ගියා නේද මගේ මැණික මාව දාලා? කොහොමද මම මේ දුක දරා ගන්නේ? ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැණික? ඔයාට නිවන් සුව ලැබේවා!”
සෙනහසේ කැදැල්ලේ ඇති වූ එම ගින්නෙන් අසරණ වූ ජීවිත ගැන ඇසෙන මෙවැනි පුවත් සැමගේ හද කම්පා කරවන සුළුය. අමාලි මහත්මිය ඇතුළු මියගිය සියලු දෙනාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
















