අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා අද (18) දිනයේදී ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක්දහස් දෙසිය පනහක මුදලක් සෘජුවම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය. ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන පවුල් සඳහා මෙම දීමනාව ලැබීම මහත් අස්වැසිල්ලක් වනු ඇත.
















