ඇඹිලිපිටිය ජල සම්පාදන ව්‍යාපෘතියට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය ජල නළ එළීමේ කටයුතු හේතුවෙන් හෙට (19) සිකුරාදා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුවන්නේ මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලටය. අදාළ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පැන නැගිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා, ජල පාරිභෝගිකයන් හට එම කාලසීමාව තුළ අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි රැස් කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය කාරුණිකව දැනුම් දෙයි.
















