කොළඹ කොටස් වෙළෙඳපොළ අද (18) දිනයේ යම් ප්‍රබෝධයක් පෙන්නුම් කරමින් ප්‍රධාන මිල දර්ශකයන් ඉහළ අගයකින් අවසන් කිරීමට සමත් විය.
දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 50.23කින් ඉහළ යමින් 22,436.14ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශක අගය ඒකක 16.06කින් ඉහළ යමින් 6,226.78ක් ලෙස සටහන් විය. අද දිනයේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 3.12ක් ලෙස වාර්තා වී තිබේ.
















