වෛද්‍යවරියක ලෙස ව්‍යාජව පෙනී සිටිමින් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ 53 හැවිරිදි කාන්තාවක් හොරණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය වෛද්‍යවරියක බව පෙන්වීමට කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන, වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් විවිධ ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය සායන පවත්වා ජනතාව රවටා ඇත. විදේශයන්ගෙන් අනුමත නොවූ ඖෂධ ගෙන්වන බව පවසා, ඒවා වරායෙන් මුදා ගැනීමට අවශ්‍ය බව පවසමින් වසර එකහමාරක පමණ කාලයක් පුරා මෙම මුදල් වංචාව සිදු කර තිබේ. ගම්පහ, මදුරාවල, මිල්ලනිය, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් මෙන්ම විහාරස්ථානවල වැඩවාසය කරන නායක හිමිවරුන් ද ඇයගේ වංචාවට හසු වී තිබේ.
වංචා කළ මුදල් ඩොලර් බවට පත් කර විදේශයන්ට යැවීමට සැකකාරිය විසින් ව්‍යාජ සමාගම් දෙකක් පවා ලියාපදිංචි කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඇය කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආයුර්වේද වෛද්‍ය සභාව නිල වශයෙන් තහවුරු කර ඇත. මේ වන විට වංචා කරන ලද මුදල් සොයා සහ විදේශයන් වෙත මුදල් යවා ඇත්දැයි සෙවීමට හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
















