පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාව සඳහා සේවකයන් 1,955 දෙනෙකු බඳවාගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. දීර්ඝ කාලයක් තිස්සේ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකුට ස්ථීර පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට අද (18) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම ලබන මස 1 වැනිදා තැපැල් සේවා නිලධාරීන් තවත් 303 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර, ඒ සමඟම සමස්ත බඳවා ගැනීම් සංඛ්‍යාව 2,258ක් දක්වා ඉහළ යන බව ද ඔහු සඳහන් කීය.
2019 වසරේ සිට වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ මෙම නිලධාරීන් ස්ථිර කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගිය ඔක්තෝබර් 15 වැනිදා අනුමැතිය හිමිව තිබිණි. ඒ අනුව, එම දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සුදුසුකම් සපුරා තිබූ 192 දෙනෙකුට මෙලෙස ස්ථීර පත්වීම් පිරිනැමූ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















