රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළ විමර්ශනයක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අයෙකි. අද (18) පෙරවරුවේ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී මූල්‍ය වංචා විමර්ශනයට අදාළව සිදුකළ වැටලීමකදීය.
















