මෙට්‍රෝ බස් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත නව බස් රථ 104 මෙරටට එවීමට අදාළ සියලු කටයුතු චීනයේ ‘ෆෝටෝන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්’ (Foton International) සමාගම විසින් මේ වන විට සූදානම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සහ අදාළ බස් රථ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට වඩාත් ගැළපෙන පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කරුණු අධ්‍යයනය කිරීමට මෙට්‍රෝ ට්රාන්ස්සිට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයක් චීනයේ පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාවේ විශේෂ නිරීක්ෂණ සංචාරයක ද නිරත විය.
එම සංචාරය අතරතුර චීනය තුළ දැනට ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් කටයුතු මෙන්ම, එහි සමස්ත බස් සැකසුම් කළමනාකරණ පද්ධතියේ (Metro Bus Management System) ක්‍රියාකාරීත්වය පිළිබඳව ද ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස පියවර ගෙන ඇත. විධිමත් ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරෙන මෙම බස් රථ කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය. දිවයිනට ළඟා වූ වහාම මහජනතාවගේ මගී ප්‍රවාහන සේවා කටයුතු වඩාත් පහසු කරවීම සඳහා මෙම බස් රථ ධාවනයට එක් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙට්‍රෝ බස් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
















