සී.සී.ටී.වී දර්ශන තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සම්බන්ධ නිලධාරීන් විසින් සුරේශ් සලේ මහතාට වධ හිංසා පමුණුවා ඇත්තේ අදාළ දර්ශන කොටි හිතවාදීන්ට අලෙවි කිරීමේ අරමුණින් විය හැකි බවට තමන් සැක කරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා මතු කළ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.
වෙනත් කිසිදු රැඳවියෙකුට සිදු නොකරන ආකාරයේ වධ හිංසාවන්ට සුරේශ් සලේ මහතාව ලක්කර තිබෙන්නේ, තමන්ට මැතිවරණවලදී සහය ලබා දුන් කොටි හිතවාදීන්ට කළගුණ සැලකීමේ අරමුණින් දැයි ගම්මන්පිල මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.
සුරේශ් සලේ මහතා වධ බන්ධනයට ලක්ව ඇති බව තමන් මුලින්ම හෙළි කළ අවස්ථාවේදී, පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වමින් එම චෝදනා අසත්‍ය බව පැවසුවද, මේ වන විට තමන් පැවසූ දේ සත්‍ය බව තහවුරු වී ඇතැයි ඔහු පවසයි.
එබැවින්, පොලිසිය තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත්, එසේ නොකරන්නේ නම් සතියක් ඇතුළත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා පොලිසියට එරෙහිව නඩු පවරන බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු අඟවයි.
















