හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳීම මුල් කරගනිමින් අල්ලස් කොමිසම ඇතුළු ආයතන මඟින් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් දේශපාලන විචාරක මහින්ද පතිරණ මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා එදා රට වෙනුවෙන් හමුදාවට එක් නොවී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වූයේ නම් අද කිසිදු පාර්ශවයක් හෝ ආයතනයක් ඔහුට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇති බවත් ඔහුගේ සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරනු ඇති බවත් පතිරණ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















