Google සහ YouTube වෙත වීඩියෝ හෝ වෙනත් අන්තර්ගතයන් උඩුගත කිරීමේදී පවතින තාක්ෂණික ප්රමාදයන් පිළිබඳව SLT-Mobitel ආයතනය සිය පාරිභෝගිකයන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැටලුව හුදෙක් ශ්රී ලංකාවට පමණක් සීමා වූවක් නොව, එය ගෝලීය තාක්ෂණික දෝෂයක් බව Google ආයතනය විසින් තහවුරු කර ඇත. මෙම අපහසුතාව මගහරවා ගැනීම සඳහා SLT-Mobitel හි තාක්ෂණික කණ්ඩායම්, Google ඉංජිනේරු කණ්ඩායම් සමඟ එක්ව කඩිනම් විසඳුමක් ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ගෝලීය තාක්ෂණික ගැටලුව විසඳා සේවාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින අතර, මේ පිළිබඳව පාරිභෝගිකයන් දක්වන ඉවසීම සහ සහයෝගය අගය කරන බව SLT-Mobitel ප්රකාශ කරයි.
















