• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කෙරෙන දිසි රැළ 2026 අඛණ්ඩව තෙවන වරටත් දියත් කෙරේ

19 June 2026
in දේශීය, පුවත්
සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කෙරෙන  දිසි රැළ 2026  අඛණ්ඩව තෙවන වරටත්  දියත් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව දියත් කරන ලද ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහන වන ‘දිසි රැළ’ (Operation Resilient Waves) මේ වසරේදී අඛණ්ඩව තෙවන වරටත් ක්‍රියාත්මක වේ.
පසුගිය වසරවලදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, ‘දිසි රැළ 2026’ හරහා මෙවර ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත. “සමුද්‍රීය පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීම” යන තේමා පාඨය පදනම් කරගනිමින් මෙය ක්‍රියාත්මක වේ. මෙමගින් දේශසීමා හරහා සිදුවන මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ධීවර කටයුතු ඇතුළු සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුළින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.
ඕස්ට්‍රේලියානු රජය විසින් පසුගිය වසර තුන තුළ මෙම වැඩසටහන වෙනුවෙන් නිරීක්ෂණ ඩ්‍රෝන යානා 24ක්, විශේෂ ATVs රථ 3ක් සහ ස්ටැබික්‍රාෆ්ට් (Stabicraft) වර්ගයේ මුර සංචාරක යාත්‍රාවක් පරිත්‍යාග කර ඇත. මීට අමතරව, ‘දිසි රැළ 2026’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් සවිමත් කිරීම සඳහා අතිරේක ATVs රථ 5ක් පරිත්‍යාග කිරීමට නියමිතය.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් මහතා පවසා සිටියේ, සමුද්‍රීය සීමාවන් ආරක්ෂා කර ගැනීමට ප්‍රජා සහභාගීත්වය අතිශයින්ම වැදගත් බවත්, මෙම වැඩසටහන නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත වීම ඊට මහත් පිටිවහලක් වන බවත්ය. ඒකාබද්ධ නියෝජිත ආයතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අංශයේ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් (RAN) මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ, අඛණ්ඩ ධාරිතා සංවර්ධනය සහ මෙහෙයුම් සහාය තුළින් කලාපය පුරා සමුද්‍රීය ආරක්ෂාව සුරක්ෂිත කිරීමට දෙරට එක්ව කැපවී සිටින බවයි.
සමුද්‍රීය සීමාව තුළ සිදුවන ඕනෑම සැක කටයුතු ක්‍රියාවක් පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 106 විශේෂ හදිසි ඇමතුම් අංකය ඔස්සේ නිර්නාමිකව තොරතුරු ලබා දිය හැකි අතර, ඒ සඳහා මහජනතාවගේ සහාය නොමඳව අපේක්ෂා කෙරේ. ඉන්දියන් සාගර කලාපය තුළ වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම මෙහි උත්තරීතර අරමුණයි.
Post Views: 10
Previous Post

SLT Mobitel පාරිභෝගිකයන්ට කල විහිළුව Google එකත් SLOW වෙන්නද යන්නෙ?

Next Post

ආර්ථික ස්ථාවරත්වයට තවත් පියවරක්…

Editor TTV News

Editor TTV News

Next Post
ආර්ථික ස්ථාවරත්වයට තවත් පියවරක්…

ආර්ථික ස්ථාවරත්වයට තවත් පියවරක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved