ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ශක්තිමත් කරමින් නව මෙට්‍රෝ බස් රථ 104ක් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇත. අදාළ ටෙන්ඩර් පටිපාටිය හරහා තෝරාගත් මෙම බස් රථ තොගය චීනයේ ‘Foton International Corporation’ සමාගම විසින් නිෂ්පාදනය කර මෙරටට එවීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමටත්, මෙරට මාර්ග පද්ධතියට ගැලපෙන අයුරින් බස් රථවල තාක්ෂණික තත්ත්වයන් අධ්‍යයනය කිරීමටත්, ‘Foton’ සමාගමේ නිෂ්පාදන ඉතිහාසය පිළිබඳව විමර්ශනය කිරීමටත් මෙට්‍රෝ ට්‍රාන්ස්සිට් (Metro Transit) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය 16 වන දින චීනයේ සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුර, චීනයේ ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් සේවාවන්හි මෙහෙයුම් ක්‍රියාවලිය සහ බස් රථවල සැකසුම් පද්ධතිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සෘජුවම අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමි විය. නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම බස් රථ ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















