රට තුළ ධාවනය වන පෞද්ගලික බස් රථවලින් 25%ක් පමණ මේ වන විට භූමිතෙල් භාවිතා කරමින් ධාවනය වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඩීසල් වෙන් කර දෙන ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිටියද, ඩීසල් නොමැතිකම හෝ වෙනත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සමහර බස් හිමියන් මෙලෙස භූමිතෙල් භාවිතා කිරීමට යොමු වී ඇති බවයි.
මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු විය හැකි මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතුව ඇත.
















