දිවයින පුරා පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් තෝරාගත් සිසුසිසුවියන් සඳහා අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) ජනාධිපති අරමුදලේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ දිවයින ආවරණය වන පරිදි තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබා දෙන ලදී. ඒ සඳහා ජනාධිපති අරමුදල විසින් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 58කි.
මීට අමතරව, 2025 සහ 2026 වසරවලදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන් 30 දෙනෙකුට ජනාධිපති අරමුදලින් අධ්‍යාපන උපකරණ ලබා දී ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 98 ඉක්මවයි.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රශාන්ත අල්විස් ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පිරිසක් එක්ව සිටියහ.
















