ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවේ කෙඩෙට් නිලධාරි කෙටි කාලීන ඩිප්ලෝමා පාඨමාලාව සහ කාන්තා කෙඩෙට් නිලධාරි ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර තිබේ. ඒ අනුව සුදුසුකම් ලත් තරුණ තරුණියන් සඳහා යුද්ධ හමුදා නිලධාරි නිලය ලබා ගැනීමට උදාවූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය සැලකේ.
මෙම පාඨමාලාව සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.army.lk වෙත පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයන් දැනගත හැක.
රට වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ පරපුරට සිය වෘත්තීය ගමන ආරම්භ කිරීමට මෙය කදිම අවස්ථාවකි.
















