ලීසිං වාරික නොගෙවීම හේතුවෙන් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යන පිරිස් (සීසර්ලා) පොලිසිය විසින් ආරක්ෂා කරන බවට චෝදනා කරමින්, ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමය අද (19) පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.පොලිසිය කෙරෙහි චෝදනා එල්ල කරමින් විරෝධතාකරුවන් කියා සිටියේ රථ වාහන බලහත්කාරයෙන් පැහැර ගන්නා පිරිස් සම්බන්ධයෙන් පොලිසියට කොතරම් පැමිණිලි කළ ද, එම පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවන බවයි. හිටපු පොලිස්පතිවරයා විසින් ලීසිං වාරික ගෙවන රථ වාහන බලහත්කාරයෙන් පැහැර ගැනීම වැළැක්වීම සඳහා නිකුත් කර තිබූ චක්‍රලේඛය මේ වන විට ක්‍රියාත්මක නොවන බව පවසමින්, විරෝධතාකරුවන් පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී එම චක්‍රලේඛය ගිනි තබා විරෝධය පළ කළහ. ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක පොතුපිටිය මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර, නීතියේ ආධිපත්‍යය සුරැකීමට පොලිසිය කටයුතු කළ යුතු බව ඔවුන් අවධාරණය කළහ.පවතින නීතිමය පසුබිම අනුව ලීසිං වාරික ගෙවීමේදී පැන නගින ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අතර මතභේද පවතින අතර, මෙවැනි ක්‍රියාමාර්ග මගින් සමාජීය වශයෙන් පීඩාවට පත් පිරිස් තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන ආකාරය මෙම විරෝධතාවයෙන් පෙන්නුම් කෙරේ.
















