‘කෑගලු වොලිබෝල් සැණකෙළිය 2026’ ක්‍රීඩා උළෙල ඉතා උත්සවාකාරයෙන් ආරම්භ විය. ප්‍රදේශයේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීම සහ ක්‍රීඩකයින් දිරිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා ලෝලීන් පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට කෑගල්ල මහ නගර සභාවේ නගරාධිපති නිමල් කරුණාරත්න මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් නිශාන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම, කෑගල්ල Island Dairy ආයතනයේ අධිපති සම්පත් මහතාද සහභාගී වූහ. ඔවුන් අතින් උත්සවයේ ආරම්භක කටයුතු සිදු වූ අතර, ක්ෂේත්‍ර කිහිපයක ප්‍රභූවරුන් සහ ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක්ව සිටියහ.
වොලිබෝල් ක්‍රීඩාව දේශීයව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවැනි සැණකෙළි මහත් පිටුවහලක් වන බවට සංවිධායකයින් සහ ආරාධිතයින් විසින් මෙහිදී අදහස් පළ කරන ලදී.
















