බුලත්කොහුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින්ගේ ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් විශේෂ හමුවක් ඊයේ (18) බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා ශාලාවේදී ඉතා සාර්ථකව පැවැත්විණි.
ප්‍රදේශයේ ආර්ථික දියුණුව වෙනුවෙන් ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතා, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් මහතා, යටියන්තොට ආසන සංවිධායක ගුණතිලක ජයකොඩි මහතා සහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරියන් හා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාපාර ක්ෂේත්‍රය නඟාසිටුවීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සහ ව්‍යවසායකයින් දිරිමත් කිරීම පිළිබඳව දේශපාලන නියෝජිතයින් මෙහිදී සිය අදහස් පළ කළ අතර, පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවට සහතික විය.
















